|
News » News 2010 » 05-07-2010-සෙව්වන්තිව් ග#
පුත්තලම නගරයේ සිට මන්නාරම් මාර්ගයේ කිලෝමීටර් 4ක දුරක් ගිය විට හමුවන මනතිව් හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් 3ක් පමණ ගියතැන හමුවන, එක් පසෙකින් පුත්තලම් කලපුවත් අනෙක් පසින් අක්කර දහස් ගණනක් විහිදෙන ලවණ සහිත පාළු බිමක් වටකර ගත් මෙම සෙව්වන්තිව් ප‍්‍රදේශයේ වෙසෙන ජනතාවට ඔවුන්ගේය කියා බිම් අඟලකවත් හිමිකමක් නැත. පුත්තලම නගරයේ ව්‍යාපාරිකයන්ගේ පොල්වතුවල මුරකරුවන් ලෙස කල් ගෙවන මොවුන් ඒ වතුවල කුලීකරුවන්ය. පොල්වතුවල කුලීවැඩට අමතරව වැඩිහිටි පිරිමි කලපුවේ මසුන් මැරීමත් කරන අතර ළමයින් බෝහෝවිට ඉස්සන් අතගා (අල්ලා) මුදල් සොයා ගනි. කාන්තාවන් නිවසේ කටයුතු වල පමණක් සීමා වී ඇත. කලින් කලට පදිංචිය වෙනස් කරන මෙම ගමේ මුළු පවුල් 27කි. පවුල් 27ම සිංහල වුවද එදිනෙදා භාවිතා කරන්නේ දෙමළ භාෂාවයි. සිංහලද කථාකිරීමේ හැකියාව ඇත. සෙව්වන්තිව් ග‍්‍රාමයේ පාසල් යන වයසේ ළමයින් 22 ක් පාසල් නොයයි. ගමේ වැඩි දෙනෙකුට අකුරු කියවීමේ ලිවීමේ හැකියාව නොමැත. මෙම දුෂ්කරතා මැද ජීවත්වන සෙව්වන්තිව් ගමේ වැසියනට පසුගියදා විශේෂ දවසක් උදාවිය. ඒ මෙතෙක් කල් පාසලක් දැකබලා ගැනීමට හෝ නොලැබුන ළමුන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු පොදු තැනක් නිර්මාණය වීමයි. ඒ පුත්තලම ප‍්‍රදේශයේ ජිවත්වන මුස්ලිම් ජාතික කාමිල් මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක පොල් අතු සෙවිලිකල ප‍්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ගොඩනගා එය ළමයින්ට අධ්‍යාපනය ලැබීමට විවෘත කරන ලදි. මෙම කාර්යට උරදුන්නේ ප‍්‍රදේශයේ ප‍්‍රජා අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසවන ජනසහන පදනම හා වර්ල්ඞ්වීව් ශ‍්‍රී ලංකා ආයතනයි. මෙහි ආරම්භය මෙය නොවන බවද මතක් කළ යුතුව ඇත. එනම් 2008 වර්ෂයේ රූම් ටු රීඞ් ආයතනය ආරම්භ කර කරන ලද ප‍්‍රජා අධ්‍යාපන වැඩසටහන මේ දක්වා පවත්වාගෙන ආවේ ජනසහන පදනම හා වර්ල්ඞ්වීව් ශ‍්‍රී ලංකා ආයතනයයි.ගමේ ගෙවල්වල, රුක් සෙවනයට පවත්වා ගෙන ආ මධ්‍යස්ථානය පොදු වහලක් යටට ගෙවැදුනදා ගමටත් ගම්මුන්ටත් අපටත් ඇත්තේ ඉමහත් සතුටකි. එදා අකුරක් ලිවීමට හා කියවීමට නොහැකි ළමුන් හා වැඩිහිටියන් අද පොත්පත් පත්තර කියවයි.එය අපට මහත් ආඩම්බරයකි. පසුගිය ජූලි 05 වෙනි දින මේ පුංචි අධ්‍යාපන මධ්‍යස්ථානය වෙනුවෙන් ගමේ වැඩිහිටි තරුණ ළමා සෑම කෙනෙක්ම කළ කැපකිරීම, දක්වපු සහයෝගය ඉතා පැසසුම් සහගතය. ධීවර සමිතියේ ගරු සභාපතිතුමන් ඒ අතර ප‍්‍රධාන වේ. තවද මේ සියළු කාරණා සිද්ධවන්නට මූලිකව මුස්ලිම් ජාතික කාමිල් මහතා සිය ඉඩම ගමේ පවුල් 27ක් සඳහා පර්චස් 10 බැගින් බෙදා දී නොතිබෙන්නට මෙසේ තැනක් ඉදිවීමට ඉඩක් නොලැබෙන්නට තිබුනි.ඒ මහතා සම්බන්ධයෙන් ගම්මුන්ට ඇත්තේ ලොකු ගෞරවයකි. එමෙන්ම ප‍්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිළධාරි වින්සන් බාලනාදන් මහතා දැක්වූ දායකත්වයද ඉතා අගනේය. ද්‍රවිඩ ජාතිකයෙක් වී සිංහල ප‍්‍රජාවකගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධව වැඩකල ඉතා ආදර්ශමත් රාජ්‍ය නිළධාරියෙකි. එමෙන්ම ජනසහන පදනෙමි කාර්ය මණ්ඩලය වර්ල්ඞ්වීව් ශ‍්‍රී ලංකා ආයතනයේ කාර්ය මණ්ඩලය මෙම කාර්යයට නායකත්වය දුනි. ප‍්‍රියන්ති තරුණියක් වුවද 2008 සිට මේ දක්වා අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගුරුවරියක් ලෙස සේවය කරමින් එම දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ ඇස් පාදයි. ඇයගෙන් අධ්‍යාපනය ලබන පාසල් නොයන ළමයින් පහළොස් දෙනෙක් සිටි. ඔවුන් නම්
2010 ජූලි මස 05 වෙනි දින සෙව්වන්තිව් ග‍්‍රාමයට උදා වුන මෙම මාහැඟි අවස්ථාවට වර්ල්ඞ්වීව් ශ‍්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්‍ෂ දිලන්ත විතානගේ මහතා ජනසහන පදනමේ කාර්යය මණ්ඩලය සමෘද්ධි සංවර්ධන නිළධාරි බාලනාදන් මහතා ඇතුළු පිරිසක් හා ගමේ සියළු දෙනාද සම්බන්ධ වී සිටියහ. එහිදි ගම්මුන් විසින් කැවුම් කිරිබත් වලින්, පැමිණි සියළු දෙනාට සංග‍්‍රහ කරන ලදි.
|
MDG
Conference & Exhibition - 2006
|



