News » News 2010 » AJWS ආයතනයේ විදේශ නි&#

AJWS ආයතනයේ විදේශ නියෝජිතවරිය නිරීක්‍ෂණ චාරිකාවක.......

     මැදවච්චිය කැබිති ගොල්ලෑව මහනික වැව ගම්මානයේ Worldview Sri Lanka ආයතනය මගින් ක‍්‍රියාත්මක කරන (හදිසි/ ආපදා තත්ත්ව තුල අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ& පවත්වාගෙන යන ළදරු පාසල හා නොවිධිමත් අධ්‍යාපන වැඩ සටහන පිළිබඳව නිරීක්‍ෂනය කිරීම සඳහා 2010 ජූලි මස 14 වන දින AJWS ආයතනයේ විදේශ නියෝජිතවරිය වන බිලි ගුඞ්වාන් මහත්මිය" AJWS ආයතනය ශ‍්‍රී ලංකා අධ්‍යක්‍ෂිකා කලා පීරිස් මහත්මිය" Worldview Sri Lanka ආයතනයේ අධ්‍යක්‍ෂක දිලන්ත විතානගේ මහතා ඇතුළු Worldview Sri Lanka ආයතනයේ කාර්්‍යය මන්ඩලය සහභාගී විය. මෙහිදී පෙර පාසලේ දරුවන් හා නොවිධිමත් අධ්‍යාපන වැඩ සටහනට සම්බන්ධ දරුවන් ඉදිරිපත් කල සංදර්ශනයක් පැවති අතර, ළමයින්ගේ අවශ්‍යාතාවයන් පිළිබඳ කථිකාවක යෙදුනු අතර ඔවුන්ට අධ්‍යාපන උපකරණ, පුස්තකාල පහසුකම් හා ක‍්‍රීඩා භාණ්ඩ ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදි. මීට අමතරව මේ සාකච්ඡා වලින් පසුව දෙමාපියන් සමඟ ඔවුන් මුහුණපාන ආර්ථික ගැටළු, සෞඛ්‍ය ගැටළු, ජීවනෝපාය මාර්ග සම්බන්ධව හා ඉදිරියේ ගම දියුණු කල යුතු ආකාරය පිළිබඳ අදහස් හා යෝජනා හුවමාරුකර ගන්නා ලදි.

 

Powered by Etomite CMS.